බස්නාහිර - දකුණ ගංවතුර නිරීක්ෂණයට ගුවන් යානා

මැයි 15, 2021

    බස්නාහිර සහ දකුණ යන පළාත් ආශ්‍රිතව උද්ගතව ඇති ගං වතුර තත්වය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 'එම් ඒ 60' සහ' වයි 12' වර්ගයේ ගුවන් යානා යොදවා තිබේ.

    කළු ගඟ ආශ්‍රිත බදුරලිය,නෑබොඩ,අගලවත්ත සහ නිල්වලා ගඟ ආශ්‍රිත අකුරැස්ස, පානඩුගම යන ප්‍රදේශවල ගං වතුර තත්වය එමගින් නිරීක්ෂණය කෙරිණ.

    ගුවන් හමුදාවට අයත් 'බෙල් 212' සහ 'එම් අයි 17' හෙලිකොප්ටර් යානා හදිසි අවස්ථාවක දී ගලවා ගැනීමේ කණ්ඩායම් යෙදවීම සඳහා සූදානම් කර ඇති අතර සමුද්‍රීය නිරීක්ෂණ බලගණයට අයත් බීඩ් ක්‍රාෆ්ට් යානාද, සූදානම් කර තිබේ.

    ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනූවයි.

    විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය ගුවන් යානා ද සූදානම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 12:45

    Latest News