ඒ එහි ගමන් ගත් 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. මෙලෙස ගොඩබස්වා ඇත්තේ අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක්. රෝගියා ගුවන් තොටුපොළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ගිලන් රථයක් මගින් මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා කඩිනමින් ඇතුළත්කර තිබේ.
මේ අතර ගොඩබස්වන ලද ගුවන්යානය වෙත රුපියල් අනු හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000)ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760)ක් සැපයූ බවයි, ගුවන්තොටුපොළ අරංචි මාර්ග සඳහන් කරන්නේ. යානය තුළ මගීවන් 443ක් හා කාර්ය මණ්ඩලය 21ක් සිටියහ. කෙසේ වෙතත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමේ දී කාර්මික දෝශයකට ලක්වී තිබීම නිසා යළි පිටත්ව යාම අවලංගු කෙරිණ. එහි සිටින මගීන් හා කාර්ය මණ්ඩලය මේ වන විට ගුවන් තොටුපොළ සංචාරක හෝටල් වෙත යොමුකර තිබේ.