භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්විණි.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019-2020 වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරු මෙහි දී අදහස් පළ කළහ.
විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වනවිටත් පියවමින් ඇත්තේ 2019 වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහි දී හෙළිවිය.
පසුගිය වසරේ මුදල් අමාත්‍යාංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථාවර කිරීම යටතේ රුපියල් බිලියන 50ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිතව ඇති බව මෙහි දී අනාවරණය විය. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
ජනතා සහන ලබාදෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබාදීම වෙනුවෙන් මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බව ද නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙම හමුවට ජනතා නියෝජිතයින් සහ නිලධාරින් රැසක් එක්ව සිටියහ.