එහිදී,විදුලි නොවන ඩෙටනේටර්14 ක්, වෝටර් ජෙල් කූරු 03 ක්, චාර්ජස් 04 ක් සහ අඩි 1 ½ දිගැති ආරක්ෂිත වෙඩි නූලක් සොයා ගන්නාලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රිකුණාමලය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ.
එමෙන්ම, එම විධානයටම අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 06)පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මළ බඳින ලද පීඩන බෝම්බයක් සොයා ගන්නා ලද අතර, සොයා ගන්නා ලද බෝම්බය ආරක්ෂිතව ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය වෙත රැගෙන ගොස් නිෂ්ක්රියකිරීමට කටයුතු කරන ලදී.