කිලෝග්‍රෑම්12.5 ගෑස් සිලින්ඩර ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

ජූනි 10, 2021

    ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායුව අඩංගු (Liquefied Petroleum Gas) (LPG) කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා තිබේ.

    අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්,පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඒ බව දන්වා තිබේ.

    කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    මෙම විධානය වර්ෂ 2021 ජුනි මස 9 වැනි දින සිට බලපැවැත්වෙනු ඇති.

    gas

    Latest News