මධුෂ් සහ 24ක් දිවයිනට ගෙන්වීමට රාජ්‍යතාන්ත්‍රික පියවර

පෙබ 08, 2019

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් සහ අනෙකුත් 24 දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කිරීම සඳහා දින 14 ක් ගත වන අතර, මේ වනවිට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බව ද පැවසේ.

    ඩුබායි බලධාරීන්ට කරුණු ඉදිරිපත් කිරීමට ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටී. මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් 16‍ දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

    Latest News