දිවයින පුරා තැපැල් කාර්යාලවල සියළුම සේවකයින්ට කොවිඩ් 19 මර්ධන එන්නත් ලබානොදිම, සංචරණ සිමා පනවා තිබියදි සේවයට පැමිණෙන සේවකයින් සදහා ප්රවාහන ගාස්තු ලබා නොදිම, සේවයට පැමිණෙන සුළු සේවක පිරිසගෙන් තැපැල් සේවයේ සියළුම සේවාවන් ඉටු කර ගැනිමට කටයුතු කිරිම යන කරුණු පදනම් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්රිතයාමාර්ගයට පිවිස ඇත.
මෙම වෘත්තිය සමිති ක්රියාමාර්ගයට සමගාමිව ගිනිගත්හේන ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්රධාන නගරවල පිහිටි සියළුම තැපැල් කාර්යාලවල සේවකයින්ද අදාල වෘත්තිය සමිති ක්රියාමාර්ගයේ නියැලි සිටිහ.
තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යාලයට පැමිණි වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත් වි සිටි බව අප වාර්තාකරු සඳහන් කරයි.