තැපැල් වර්ජනය පැය 48ක්...විසඳුම් නොදුන්නොත් දිවයින පුරා

ජූලි 17, 2019

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ ප.ව 4.00ට ආරම්භ කළ ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මකයි.

    මෙම වර්ජනය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බවයි, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

    මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයින පුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.  විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා ප්‍රකාශ කළේ, තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 08:56

    Latest News