උපරිමය හෙක්ටයාරයක ගොවිතැන් කරන ගොවියෙකුට කාබනික පොහොර නිෂ්පාදනයට රු. දස දහසක දීමනාවක්

ජූනි 18, 2021

    උපරිමය හෙක්ටෙයාරයක ගොවිතැන් කරන ගොවියෙකු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීමක් ලෙස රුපියල් දස දහසක ප්‍රදානයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    එළඹෙන මහකන්නට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ. එහිදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශ රැසක ලේකම්වරු, රාජ්‍ය, සංස්ථා, මණ්ඩල සභාපතිවරු හා යුද හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

    එහිදී එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වනවිට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු අතර, ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණ.

    ඒ අනුව, හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර කිලෝග්‍රෑම් 35ක් හා ජෛව පොහොර ලීටර් 10ක් නිර්දේශ කර තිබේ.

    මේ නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයි. මෙම ද්‍රව්‍ය සඳහා ද රජයේ සහනාධාරය හිමිවනු ඇත.

    Latest News