ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජූනි 18, 2021

    එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි. එය වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතියේ පක්‍ෂයෙන් පුද්ගලයෙකු නම් නොකළ නිසයි.

    එම මන්ත්‍රී ධූරයට එක්සත් ජාතික පක්‍ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ යුතු යැයි, පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කිරීමෙන් අනතුරුව එය මැතිවරණ කොමිසමට දැනුම් දෙලු ලැබීය.

    ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

    Latest News