“අය-වැයට පෙර වදනක්“ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය (වීඩියෝ)

පෙබ 09, 2019

    “අය-වැයට පෙර වදනක්“ විශේෂාංගයෙන් අප අද විමසා බැලෙන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පිලිබඳවයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර, රාජ්‍ය අමාත්‍ය ධූරය දරන්නේ, අජිත් මාන්නප්පෙරුම මහතායි. මේ අමාත්‍යාංශය ආයතන 11කින් සමන්විතයි. 2019 අය-වැයෙන් අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන 24,800ක මුදලක් අපේක්‍ෂා කෙරේ.

    විදේශ ආධාර ලෙස රුපියල් මිලියන දහසක් හා විදේශ ණය ආධාර ලෙස රුපියල් මිලියන 13,000ක් ද අපේක්‍ෂිතයි. මුළු එකතුව රුපියල් මිලියන 38,800ක්. ඉන් රුපියල් මිලියන 35,000ක් සංවර්ධන කටයුතු සඳහා ද ඉතිරි මිලියන 3,800ක මුදල මෙහෙයුම් කටයුතු සඳහා ද වැය කිරීමට නියමිතයි. වැඩි මුදලක් වෙන් කෙරෙන්නේ, මහවැලි සංවර්ධන අධිකාරිය සඳහායි.

    2019 අවසන්වීමට පෙර මොරගහකන්ද කළුගඟ වාරි යෝජනා ක්‍රම අවසන් කිරීම සහ උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට ගෙනයාම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක්. පොලිතින් සහ ප්ලාස්ටික් රටින් තුරන් කිරීම සඳහා ලක් පිවිතුරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මහවැලි ඉඩම්වල පදිංචිකරුවන්ට සින්නක්කර ඔප්පු පිරිනැමීම සහ රටේ වන ඝනත්වය 29-33% දක්වා ඉහළ නැංවීම අමාත්‍යාංශයේ තවත් ප්‍රධානතම අපේක්‍ෂාවක්.

     

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 20:12

    Latest News