'මොඩර්නා' එන්නත් තොගයක් අද ශ්‍රී ලංකාවට

ජූලි 16, 2021

    අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ද දිනයේ (16) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබෙන අතර එම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. 

    මොඩර්නා එන්නතත් ෆයිසර් එන්නත හා සමාන එන්නතක් බවත්, 94%ක පමණ ඉහළ ඵලදායිතාවයක් පෙන්නුම් කරන බවත් වාර්තා වෙයි. එමෙන්ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්රභේද සඳහා ද මෙය සාර්ථකව ක්රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ.

    කොරෝනා මර්දන එන්නත් මාත්‍රා අසූ පන් ලක්ෂ අනූ හය දහසක ප්‍රමාණයක් මේ දක්වා මෙරටට රැගෙනවිත් ඇති බවයි, යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 16 ජූලි 2021 10:59

    Latest News