ඊයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දෙලක්ෂ 80,011 දෙනෙකුට ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ 27,117 දෙනෙකුට ලබාදුන්නේය. ඊයේ ෆයිසර් එන්නත ලබාගත් පිරිසට 7,993 දෙනෙකු අයත්. ඉකුත් දින 7 තුළ පමණක් ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 17 ලක්ෂ 1,730ක්. ඊයේ එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 15,121ක් ලබා දී තිබේ.
ඉකුත් 14 වැනිදා රාත්‍රී නිකුත් කළ වාර්තා අනූව මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 39.3%කට පළමු මාත්‍රාව ලබා දී අවසන් කර තිබේ.
බස්නාහිර පළාත තුළ කොළඹ දිස්ත්‍රික්කයේ 74.29%කට ගම්පහ දිස්ත්‍රික්කයේ 62.18%කට කළුතර දිස්ත්‍රික්කයේ 59.93%කට එන්නත් පළමු මාත්‍රාව ලබාදී අවසන්.
එන්නත්කරණ කටයුතු අදත් දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.