එන්නත් ගත් සංචාරකයින්ට මෙරටට පැමිණීමේ නීති ලිහිල් කෙරේ

ජූලි 16, 2021

    අනුමත ඕනෑම කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසු සංචාරක වීසා යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ද්විත්ව පුරවැසිභාවය සහ නිත්‍යා පුරවැසිභාවය සහිත පුද්ගලයින් සඳහා වන නිරෝධායන නීති ලිහිල් කර තිබේ.

    එම පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන හෝටලයකට යොමු කිරීමත් සමග පැය 24ත් 48ත් අතර සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට තහවුරු විය යුතුයි.

    ඉන්පසු ඔවුන්ට සංචාරක ජෛව බුබුළ ක්‍රමයෙන් මිදී සංචාරය කළ හැකියි. වයස අවුරුදු 2ත් 18ත් අතර එන්නත්කරණය නොකරන ලද දරුවන් පීසීආර් පරීක්ෂණයකින් රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ පසු සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගත් දෙමාපියන් සමග යා හැකියි.

    Latest News