අද (11) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල ඉහළට

පෙබ 11, 2019

    ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (11) සඳුදා මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

    පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ දැමිය යුතු වුව ද ජනතාවට සහ ප්‍රවාහන ක්‍ෂෙත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් ඉහළ දමා ඇත. එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00කින් ඉහළ දමා තිබේ. 

    නව මිල ඉහළ දැමීමට අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රු. 8.00කින් වැඩි කර තිබේ. 

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 5.00කින් වැඩි කර ඇත.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 21:49

    Latest News