මධූෂ් ඇතුළු පිරිසට විදේශ අමාත්‍යංශයේ ක්‍රියාත්මක විමක්

පෙබ 11, 2019

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා තවදුරටත් ඩුබායි පොලිසිය බාරයේ පසුවන බව, එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

    මේ වනවිට බ(ර්) ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින එම පිරිස අතරින් කිසිවෙකු හෝ මුදාහැර නොමැති බව ඔහු සඳහන් කළේය. නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා සහ රංගන ශිල්පී රයන් වෑන් රූයන් වෙනුවෙන් එරට පොලිසිය හා අධිකරණයට කරුණු දැක්වීමට පමණක් තමා හා තවත් නීතිඥවරයෙකු ඩුබායි වෙත පැමිණි බවයි.

    අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලය හා එක්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් ක්‍රියා කරන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අභිචෝදක ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මෙවැනි පුද්ගලයන් පිරිසක් තම පොලිස් අත්අඩංගුවේ පසුවන බව, රාජ්‍යතාන්ත්‍රිකව දැනුම්දීමක් කර නැතැයි ද එම ප්‍රකාශිකාව කියා සිටියාය.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 20:36

    Latest News