පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්්යානන්ද තිරාණගම මහතා විසින් ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙන මෙම කෘතිය රචනා කර තිබේ. මෙහි දී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ මෙසේ පැවසූහ.
ලංකාවේ ඉතිහාසය ලියලා තියෙන්නේ දේශපාලනය සම්බන්ධව, අපිට එය කියන්න පුළුවන් ඉතිහාසයේ රාජකීය ඉතිහාසය කියලා. මහාවංශය ලියලා තියෙන්නෙත් රජවරුන්ගේ ඉතිහාසය ගැන. ඊට අමතරව අපේ රටේ ගොවිතැන, ඉදිකිරීම් ශිල්පය, භෞතික සම්පත්, ඇදුම් පැළඳුම් ආදිය පිළිබඳ ලියවිලා නැහැ. මෙම කෘතිය ලංකාවේ ඉතිහාසය ලිවීම සඳහා කරුණු සම්පාදනය කර ගත හැකි කෘතියක් ලෙස හැඳින්විය හැකි යැයි උන්වහන්සේ සදහන් කළහ. පුජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ , ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.
අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.