රෝහල් 13කට කෝටි 1,600ක් වෙන්කෙරේ

පෙබ 12, 2019

    දිවයිනේ රෝහල් 13ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 1,600ක් වෙන්කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඊයේ (11) රිකිල්ලගස්කඩ රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    රිකිල්ලගස්කඩ රෝහලේ අංග සම්පූර්ණ ශල්‍යාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා රුපියල් මිලියන 105ක් වැය කෙරේ.

    චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

    ඒ අනුව රිකිල්ලගස්කඩ මුලික රෝහලේ දෙමහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරිනි.

    Latest News