එහි ප්රකාශක ස්ටෙෆන් දුජාරි සඳහන් කළේ, පරිපාලන හේතු නිසා අවදානයක් නොමැතිකම හෝ එන්නත් ලබා ගැනීම ප්රතික්ෂේප කිරීම ආදී හේතු මත විවිධ රටවල් ලබාගත් එන්නත් භාවිතයට නොගන්නා තත්වයක් වාර්තා වී ඇති බවයි.
ක්වැක්ස් පහසුකම යටතේ රටවල් 138කට එන්නත් මාත්රා මිලියන 186.2ක් බෙදාහැර ඇති අතර අඩු සහ මැදි ආදායම් ලබන රටවලට මෙම වසර අවසානය වන විට එන්නත් මාත්රා බිලියන දෙකක් ලබාදීමට අපේක්ෂිත බවයි ඔහු සඳහන් කළේ.