18ට වැඩි සියල්ලට දෙන්න එන්නත් මිලියන 32ක් සැප්තැම්බරයේ දී

අගෝ 11, 2021

    කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 32ක් සැප්තැම්බර් වන විට මෙරටට ලැබෙන අතර වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම එමඟින් සැපයීමට හැකි වන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

    කොවිඩ් ව්‍යසනයට තිබෙන හොඳම විසඳුම වනුයේ කොවිඩ් මර්දන එන්නත්කරණය බව ලෝකයේ විද්වතුන්ගේ මතය යැයි ද, ඒ අනුව මෙරට සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාවට නංවන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) පැවසුවේය. පසුගිය සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් වයස අවුරුදු 30ට ඉහළ 65,000ක ජනතාවක් එන්නත නොගෙන තිබූ බවත් නමුත් රට තුළ දැනට ඇති ව්‍යසනයේ බරපතළකම තේරුම් ගනිමින් බහුතරයක් දෙනා එන්නත ලබාගැනීමට යොමුව ඇති බවත් ඇමැතිවරයා කීය.

    පසුගිය දිනයන්හි පැවැති උද්ඝෝෂණ, පෙළපාළි නිසා කොවිඩ් පොකුරු නිර්මාණය කිරීමේ අවදානමක් ඇති කළ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    Latest News