සතොස සහන මල්ල නිවසටම....

අගෝ 19, 2021

    සතොස ආයතනය, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 ක් සහිත සහන මල්ලක් නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

    රුපියල් 2600 ක පමණ වටිනා කමකින් යුත් එම සහන මල්ල රුපියල් 1998 ක මිලකට ලබා දෙන බවයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

    සහල, තිරිඟු පිටි, නූඩ්ල්ස්, රතු පරිප්පු, සීනි, තේ කොළ, හාල්මැස්සන්, සෝයා මීට්, කෑලි මිරිස්, ගම්මිරිස් සහ තුනපහ කුඩු ඇතුළු තවත් භාණ්ඩ වර්ග කිහිපයක් මීට ඇතුලත්. මුව ආවරණ 03 ක්, සබන්, බිස්කට් සහ පපඩම් පැකට්ටුවක් ද, අත්‍යවශ්‍ය ආහාර මල්ලට අයත් බවයි, සතොස පවසන්නේ.

    1998 දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් භාණ්ඩ මල්ල ගාස්තුවකින් තොර නිවසටම ගෙන්වා ගත හැකියි.

    Latest News