කොවිඩ් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ නව ක්‍රමවේදයක්......

අගෝ 19, 2021

    කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

    එය අද සිට ක්‍රියාත්මකයි. මෙය,  කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් යන ක්‍රමවේද දෙකකින් සමන්විතයි. එහිදී කොවිඩ් රෝගියා, විස්තර ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 යන දුරකථන අංකයට යොමු කළ යුතුයි.

    රෝගියාගේ තත්වය වර්ගීකරණය අනුව,  ශ්වසන අපහසුතා ඇති රෝගීන් A <හිස්තැනක්> ලෙසද,  උණ තත්වයෙන් පෙළෙන රෝගීන් B ලෙසද,  කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් - C ලෙසද කෙටි පණිවුඩයේ දැක්විය යුතුයි. ඊට අමතරව. වයස <හිස්තැනක්>, ජාතික හැඳුනුම්පත් අංකය <හිස්තැනක්>, ලිපිනය <හිස්තැනක්>, ලෙස ද කෙටි පණිවුඩයේ ඇතුළත් විය යුතුයි.

    එම තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කරනු ලබනවා. රෝගීන් ලබාදෙන තොරතුරු වර්ගීකරණය කෙරෙන අතර, 247 දුරකථන අංකයෙන් රෝගියා හා සම්බන්ධ වී ඔහුගේ හෝ ඇයගේ තත්වය නිශ්චය කර, අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    ඒ සඳහා ගිලන් රථ සේවා හා අනෙකුත් ප්‍රතිකාර පහසුකම් ද සැපයෙනවා. නිවෙස් නිරෝධායනයට යොමු කරවන රෝගීන් වෙත දුරකථන මාර්ගයෙන් අවශ්‍ය සේවය ලබාදෙන අතර,  1390 යන දුරකථන අංකය ඔස්සේ එම සේවා ලබාදීමට නියමිතයි.

    Latest News