බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසීන් චින්තක (31) ජනවාරි 23 වැනිදා සිට අතුරුදන්ව සිටී. රත්ගම පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කළ ද අතුරුදන්වූ දෙදෙනා මේ දක්වා සොයා ගැනිමට හැකිවී නොමැත.
ඒ අනුව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මොවුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.