මධූෂ්ගේ වාහන දෙකක් කැලණියේ

පෙබ 13, 2019

    මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ .

    කැලණිය, ගෝනවල නිවසක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ නමට මෙහි එක් වාහනයක් ලියාපදිංචි කර තිබී අතර තවත් වාහනයක් ඇගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි.

    Latest News