කොවිඩ් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ 1904 කෙටි පණිවිඩ සේවය දකුණු පළාතටත්

සැප් 02, 2021

    2021 අගෝස්තු මස 19 දින සිට බස්නාහිර පළාත සඳහා ක්‍රියාත්මක කරන ලද 1904 කෙටි පණිවිඩ මගින් කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යොමු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ ක්‍රමවේදය අද (02) සිට දකුණු පළාත තුළ ද ක්‍රියාත්මක කරන බව වාර්තා වෙයි.



    මෙම වැඩසටහන මගින් කොවිඩි රෝගය වැළදීමෙන් ස්වසන අපහසුතා සහ සංකූල තත්වයන් ඇති රෝගීන් කඩිනමින් රෝහල් වෙත යොමු කිරීමත්,අනෙකුත් රෝග ලක්ෂණ ඇති රෝගීන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත්,රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස් තුළ කළමණාකරණය කිරීම සිදු කරයි.

    අද දින සිිට කොවිඩ් රෝගය වැළඳුණු දකුණු පළාත් ජනතාව සිදු කළ යුත්තේ තමා හට ඇති රෝග ලක්ෂණ අනුව කෙටි පණිවිඩයක් නිකුත් කිරීමයි.

    ස්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා සහිත පුද්ගලයින් -A
    උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් - B
    රෝග ලක්ෂණ නොමැති අය - C

    මේ අනුව A හෝ B හෝ C හෝ <හිස්තැනක්> වයස <හිස්තැනක්> උපන්දිනය <හිස්තැනක්> ලිපිනය ඇතුළත් කර 1904 ට යොමු කළ හැකිය.

    බස්නාහිර පළාත තුළ මේ සේවාව තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

    Latest News