අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව විරෝධතාවක්

පෙබ 15, 2019

    Up Date - වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) උදැසන සිට පුත්තලම නගරයේ සියළු කඩ සාප්පු වසා දමා තිබේ. යතුරු පැදි , පාපැදි ත්‍රීවිලර් රථ ඇතුළු වාහනවලද, නගරයේ තැන තැන කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබේ.

    සිකුරාදා දින දහවල් ආගමික වතාවත් වලින් අනතුරුව පෙළපාලිවලින් පැමිණ පුත්තලම කළපුව ආසන්නයේ විරෝධතා රැළියක් පැවැත්විණ. මෙය CLEAN PUTTALAM සංවිධානය විසින් සංවිධානය කර තිබේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුප්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් ඇතුළු පිරිසක් සහාභාගි වී සිටියේය.

    පුත්තලමේ කඩ සාප්පු වැසේ; කළු කොඩි එසවේ (11.00)

    වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) පුත්තලම නගරයේ සියළු කඩ සාප්පු වසා දමා තිබේ.

    යතුරු පැදි, පාපැදි ත්‍රීවිලර් රථ ඇතුළු වාහනවල ද, නගරයේ තැන තැන කළු කොඩි ඔසවා ඇති බව අප වාර්තකරු පවසයි. නගරයේ විවිධ ස්ථානවල නාම පුර්වද එල්ලා ඇත.

    පුත්තලම කළපු තීරයේ මේ සම්බන්ධව විරෝධතා රැළියක්ද අද දහාවල් පැවැත්වීමට නියමිතව තිබේ.

    කොළඹ, පුත්තලම සහ තවත් ප්‍රදේශ කිහිපයක් එකතු වන කසල වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයේ තැන්පත් කිරිමට නියමිතයි. රජය විසින් එය ක්‍රියාත්මක කරනු ලබන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කසල ප්‍රතිචක්‍රීය කිරිමේ වැඩසටහනක් ලෙසයි. වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරිම් සියයට හැත්තැ පහක් පමණ අවසන්ව ඇති බව වාර්තාවේ.

    මෙම විරෝධතාවන්ට විරුද්ධ පාක්ෂික දේශපාලන මැදිහත්විම් මගින් ජනතාවට වැරදි ප්‍රචාරයන් ලබාදී විරෝධතාවන් සඳහා යොමු කරණ බවත් වාර්තාවේ.

    විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කසල ප්‍රතිචක්‍රීය කිරිමේ ව්‍යාපෘතියක් ගම්පහා දොම්පේ ප්‍රදේශයේ ආරම්භ කර ඇති අතර එය සාර්ථකව ක්‍රියාත්මකවේ.

    puttlamprotest1 px 900 19 0

    puttlamprotest2 px 900 19 0

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 16:20

    Latest News