වීරකැටිය ගජනායකගම ප්රදේශයේ ඊයේ (19) රාත්රී 11.00ට පමණ ඥාති දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් අතුරතුර දී කිසිවෙකු විසින් මෙම වෙඩි පහර එල්ල කර තිබේ. එය මෙම දරුවාට වැදී බරපතල තුවාල ලබා ඇත. තුවාල ලැබූ දරුවා වීරකැටිය දිසා රෝහලටත් ඉන් අනතුරුව තංගල්ල මූලික රෝහලටත් මාරු කර යවා ඇති නමුත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
වීරකැටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.