ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම වෙඩිල්ල - 10ක් මරුට

පෙබ 05, 2025
    මධ්යම ස්වීඩනයේ අධ්යාපන මධ්යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගිය අය අතර වෙඩි තැබූ පුද්ගලයාද වන බවයි වාර්තා වන්නේ.

    මෙය ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම වෙඩි තැබීම බව එරට අග්රාමාත්ය උල්ෆ් ක්රිස්ටර්සන් පවසනවා.
     
    ස්ටොක්හෝම් අගනුවරට බටහිර දෙසින් පිහිටි රිස්බර්ග්ස්කා පාසලේ වෙඩි තැබීම සිදුව තිබෙනවා.
     
    මෙම අධ්යපන මධ්යස්ථානට පවත්වාගෙන යනු ලබන්නේ, ප්රාථමික හෝ ද්විතීයික පාසල් අවසන් නොකළ පුද්ගලයන් වෙනුවෙන්.
     
    වෙඩිතැබූ පුද්ගලයා හදුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර එවැනි සිද්ධියකට සම්බන්ධව නැති බවයි එරට පොලීසිය පවසන්නේ.
     
    සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
     
    මියගිය හෝ තුවාල ලැබූ අය අතර ළමුන් නොමැති බවයි වාර්තා වන්නේ.
     
    මෙය ත්රස්තවාදී ක්රියාවක් නොවන බවද එරට පොලීසය පවසනවා.
     
    සිද්ධියෙන් විපතට පත් පවුල් වෙත ශෝකය පළ කරන ස්වීඩන් අග්රාමාත්යවරයා, පාසල් ආශ්රිතව ආරක්ෂාව තර කරන බවද කියා සිටිනවා.
     

    Latest News