නව අගමැති පත් කිරීම - හිටපු අගමැති ඉවත් කිරීම - ගැසට් නිවේදන එළියට

ඔක් 27, 2018

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    උපුටා ගැනීම - අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ස මැතිතුමා 2018 ඔක්තෝබර් 26 වැනි දින සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රමාත්‍ය ධුරයට පත් කළ බැව් මෙයින් දැනුම් දෙනු ලැබේ. අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි උදය ආර් සෙනෙවිරත්න ජනාධිපති ලේකම් - උපුටා ගැනීම අවසන්.

    මේ අතර,  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද ජනාධිපතිතුමාගේ නියමය පරිදි නිකුත් කර තිබේ. 

    උපුටා ගැනී - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාව අනූව ඔබගේ පත්වීම් බලධාරියා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මා විසින් ඔබ පත් කරන ලද අතර, මා වෙත පැවරී ඇති බලතල අනූව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කරන ලද බව මෙයින් දන්වා සිටිමි. අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි උදය ආර්.සෙනෙවිරත්න - ජනාධිපති ලේකම් - උපුටා ගැනීම අවසන්.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 10:37

    Latest News