දිවියාගේ සිරුර මරණ පරීක්ෂණයට (ජායාරූප)

පෙබ 17, 2019

    මන්දකට හසුවී මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල මධ්‍යම පළාත් වනජීවී පශු වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා අධිකාරියේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) නියෝග කළේය.

    හැටන් - දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු මෙම දැවැන්ත දිවියා ඊයේ (16) අලුයම මන්දකට හසුව මිය ගොස් සිටියේය. අඩි 4 ක් පමණ දිග, අඩි 3 ක් පමණ උස ශ්‍රී ලංකාවට පමණන් ආවේණික මෙම දිවියා හසුව අත්තේ, වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකටයි.

    මෙම දිවියා මීට ප්‍රථම මන්දකට හසු වී බේරි ඇති බවත්, මිය ගිය දිවියාගේ ගෙල වටා විශාල තුවාලයක් ද තිබූ බවත්, වනජිවි නිලධාරින් කියා සිටියි.

    ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් පසුගිය කාලයේ දිවියන් සැරිසැරිම නිසා වන ජිවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදු කරනු ලැබීය.

     1 10

    1 11

    1 5

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 10:12

    Latest News