මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණ වෙයි

පෙබ 17, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි 16 වැනි දා සිට ක්‍රියාත්මකයි.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා ඇත.

    පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබා දුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000ක් වන අතර නව ගැසට් නිවේදනය මගින් එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නැංවීමටත් පියවර ගෙන තිබෙනවා.

    පසුගිය වසරේ ජනවාරි 16 වැනි දා පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කරන ලද යෝජනාවකට අනූව, මෙම දීමනා ඉහළ නංවා ඇති බවයි, නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

    2007 වසරේ සිට මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව වැඩිකර නොමැති අතර එම වසරේ සිට තැපැල් ගාස්තුව දෙවතාවක් වැඩි වී තිබේ. ඒ අනූව මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීම් සළකා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.  

    Gazet 900px 19 02 17

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 09:23

    Latest News