බූස්ස 02 ක් අතුරුදන් කළ වෑන් රථය සොයා ගැනේ

පෙබ 17, 2019

    බූස්ස, රත්නඋදාගම පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වෑන් රථය සොයා ගෙන ඇත්තේ අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ තිබියදීය.

    එම වෑන් රථය වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

    බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසීන් චින්තක (31) ජනවාරි 23 වැනිදා සිට අතුරුදන්ව සිටී. රත්ගම පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කළ ද අතුරුදන්වූ දෙදෙනා මේ දක්වා සොයා ගැනිමට හැකිවී නොමැත. ඒ අනුව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මොවුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු පසුගිය 13 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ‍වෙත පවරනු ලැබිණ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 20:19

    Latest News