මහරගම අපේක්ෂා රෝහලට බස් රථයක්...

ඔක් 02, 2021

    ගෝලීය කොවිඩ් වසංගතයට මුහුණ දී එය වඩාත් සාර්ථකව පාලනය කරන අතරතුර අනෙකුත් සියලු රෝගී සේවාවන් සඳහාද මෙරට සෞඛ්‍ය අංශය උපරිමයෙන් කැප වී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මහරගම අපේක්ෂා රෝහල සඳහා අශෝක් ලේලන්ඩ් සේවක සුභ සාධක සංගමය මගින් නවීන බස් රථයක් පරිත්‍යාග කර තිබේ. 306 සී 2  ජාත්‍යන්තර සිංහ සමාජයේ මැදිහත්වීම ද ඊට ලැබී ඇත.  

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, අශෝක් ලේලන්ඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උමේෂ්  ගෞතම්, දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජයේ සිංහාධිපති රොෂාන් කාංචන යාපා, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව  සිටියහ.

    Latest News