ලොවක් වසඟ කළ යොහානි, අද (03) හයිද්‍රාබාද් ප්‍රසංග වේදිකාවේ....(වීඩියෝ)

ඔක් 03, 2021
  • ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ පවත්වන තවත් සංගීත ප්‍රසංගයක් හයිද්‍රාබාද්හි දී අද (03) පැවැත්වෙනවා.

    ඉකුත් බ්‍රහස්පතින්දා පැවති ප්‍රථම ප්‍රසංගයට අති විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණා. නවදිල්ලියේ පැවති සංගීත ප්‍රසංගය අතරතුරදී ඇය වේදිකාව මත දී සුළු අනතුරට ද මුහුණ පෑවා. ප්‍රසංගය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බවයි, යොහානි ප්‍රකාශ කළේ. ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන සංගීත ප්‍රසංගයේ පුහුණුවීම් අද උදේ සිදු කෙරුණා.

    ප්‍රසංගය පැවැත්වෙන්නේ, හයිද්‍රාබාද් හි ගාචිබොවිලි හි හාට්කප් කොෆි රංග ශාලාවේ. ලොව පුරා සංගීතලෝලීන් අතර ඉමහත් ප්‍රසාදයට ලක්ව ඇති යොහානි ඇතුළු සිය සංගීත කණ්ඩායම තම රසිකයන්ට ප්‍රණාමය පුද කළා.

    Last modified on ඉරිදා, 03 ඔක්තෝබර් 2021 20:35

    Latest News