සිසුන් 200ට අඩු පාසල් ආරම්භය හෙට

ඔක් 20, 2021

    දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3,800ක් පමණ හෙට සිට විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    පාසල් විවෘත කිරීමේ පළමු අදියර යටතේ ඒ අනූව, ළමුන් 200ට අඩු පාසල්වල 1වැනි ශ්‍රේණියේ සිට 5වැනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ නැවත විවෘත කෙරෙන බවයි, එම අමාත්‍යාංශය පවසන්නේ.

    අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල පෙරේරා මහතා පවසන්නේ, 2021.10.21 වන දින නැවත කොවිඩ් සංචරණ සීමා ඉවත්කර සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ, පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තිබෙන බවයි.

    දෙවැනි අදියරේ දී 200ට වැඩි පාසල්වල 1 - 5 ශ්‍රේණි සහ සමස්ත සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි තුන්වන අදියරේ 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත කිරීමට නියමිතයි. හතරවන අදියරේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණිවල පාසල් විවෘත වෙයි.

    කෙසේ වෙතත්, පාසල් විවෘත කිරීමේ පළමු අදියරේ ප්‍රගතිය මත සෙසු අදියරයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව ද මහාචාර්යය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News