බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්රමුඛ වෙයි.
බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළෙත් වප් පොහෝ දිනයේදීයි.
එමෙන්ම දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ අමාත්‍යවරයා මෙහෙණි සස්න පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේත් මෙම වප් පෝ දිනකදීයි.
අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද අද වන් වප් පුන් පොහෝ දිනකයි.
වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර තිබේ.
මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ හේතුවෙන්.
කෙසේ වෙතත්, මෙවර කඨින පූජා පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකරන ලෙසයි, සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ.