පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස...

ඔක් 28, 2021

    කොච්චිකඩේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබාදීම අද සිදු කෙරුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී. කොච්චිකඩේ දේවස්ථානයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් පවුල් 121 ක් ජීවිතක්ෂයට පත්වුණා. ඉන්, පවුල් 66 ක් ජීවත්වූයේ කුලී නිවාසවලයි.

    අගරදගුරු හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම මත නාගරික නිවාස සංවර්ධන අධිකාරිය මෙම නිවාස නොමිලයේ ලබාදීමට පියවර ගත්තා. මුල් අදියර යටතේ නිවාසලාභීන් 30 දෙනෙකුට නිවාස හිමිවුණා. බොරැල්ල, කොලොන්නාව හා වනාතමුල්ල යන ප්‍රදේශවල එම නිවාස ඉදිකර තිබෙනවා.

    මෙම අවස්ථාවට පූජ්‍ය අග්‍රහැරේ කස්සප ස්වාමීන් වහන්සේ සහ අගරදගරු හිමිපාණන් නියෝජනය කරමින් සහය රදගරු ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් සහ සහය රදගුරු ඇන්ටන් රංජිත් හිමිපාණන් ඇතුලු ගිහි පැවිදි පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ඔක්තෝබර් 2021 20:36

    Latest News