"එස් කෑම්ප්"; නව විදුලි වැටක්

ඔක් 28, 2021

    කුරුණෑගල - සිංහාරගම ප්‍රදේශවාසීන් දීර්ඝ කාලයක සිට වන අලි තර්ජන හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

    මීට විසඳුමක් ලෙස වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන "එස් කෑම්ප්" ව්‍යාපෘතිය යටතේ නව විදුලි වැටක් ඉදිකෙරුණා. සිංහාරගම ග්‍රාමය පිහිටා ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව ප්‍රාදේශීය බල ප්‍රදේශයේ. ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය කෘෂි භෝග වගාවයි.

    වන අලි තර්ජනය උග්‍ර වීමත් සමග ඇතැම් පිිරිස් ගම් බිම් හැර ගියා. තවත් පිරිසක් වගාවෙන් ඉවත් වුණා. "සුරක්ෂා" විදුලි වැට සුරැකීමේ සුබ සාධක සමිතිය ආරම්භ කිරීමෙන් පසු, විදුලි වැට ඉදි කෙරුණා. ආවරණය කෙරෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 8 ක්. විදුලි වැටේ කාණුවල නඩත්තු සහ වගකීම පැවරී ඇත්තේ ඉඩම් හිමිකරුවන්ට.

    Latest News