Facebook සන්නාමය Meta ලෙස වෙනස් වෙයි

ඔක් 29, 2021

    ෆේස්බුක් සමාගමේ නම ‘Meta’ ලෙස වෙනස් කළ බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඊයේ රාත්‍රියේ (28) පැවැති සමාගමේ වාර්ෂික සමුළුවේ දී ඒ බව ප්‍රකාශයට පත් කර ඇත.

    වසර 17කට පසු මාර්ක් සකර්බර්ග් නිල වශයෙන් ෆේස්බුක් නව මව් සමාගම් නාමය වන මෙටා හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති බවට ඊයේ පත්විය.

    ෆේස්බුක් සිය සමාගමේ අභ්‍යන්තර ලේඛන සියගණනක් කාන්දු වීමෙන් පසු එහි විවිධ වේදිකාවලින් සැබෑ ලෝකයට සිදුවන හානිය පිළිබඳ පුළුල් විමර්ශනයකට මුහුණ දෙන බැවින් එහි සමාගමේ නම මෙටා ලෙස වෙනස් කළ බව විවිධ විචාරකයින් පවසා තිබේ.

    මෙම වෙනස මගින් Facebook හි නාමික සේවාව, Instagram සහ WhatsApp සමඟින්, මව් සන්නාමය වෙනුවට සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස පහත හෙළනු ඇත.

    Latest News