ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් පවත්වාගෙන යාම ගැන අල්ලස් කොමිසමෙන් විමසයි

ඔක් 29, 2021

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න දෙසැම්බර් මස 03 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළා.

    එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා

    එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

    ඒ අනුව නඩුව නැවත දෙසැම්බර් මස තුන්වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනු කර තිබුණා.

    Latest News