‍‍ජෝර්දාන නීතිවිරෝධී ශ්‍රමිකයන්ට පොදු සමාකාලයක්

පෙබ 21, 2019

    නීතිවිරෝධීව ‍ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට එරටින් පිටවීමට පොදු සමාකාලයක් ලබා දී තිබේ.

    ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට ලබා දෙන මෙම පොදු සමාකාලය 2019 පෙබරවාරි 05 වන දින සිට 2019 අගෝස්තු 03 දක්වා මාස 6ක කාලයක් බවයි ජෝර්දාන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

    මේ වන විට ශ්‍රී ලාංකිකයින් 3,500ක් පමණ නීති විරෝධි අයුරින් ජෝර්දානයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.

    එවැනි ශ්‍රමිකයින් හට මෙම පොදු සමා කාලය තුළදී අදාළ ගැටළු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව දිවයිනට පැමිණිමට හෝ නව හාම්පුතුන් යටතේ සේවය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

    ජෝර්දානයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තම ඥාතීන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන් දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

    Latest News