ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති උදෙන්ම වැඩ අරඹයි

පෙබ 21, 2019

    Up date  - නිලවරනයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස පත්වු ෂම්මී සිල්වා මහතා අද පස්වරුවේ එම තනතුරේ වැඩ භාර ගත්තා.

    ඔහු නිලවරනයෙන් ජයග්‍රහනය කලේ උපාලි ධර්මදාස මහතාව වැඩි ඡන්ද 27 කින් පරාජය කරමිනි. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ලෙස ඔහු ඉදිරිපත් වු බව මාධ්‍ය වාර්තාකර සිටි. ෂම්මී සිල්වා තිලංග සුමතිපාලගේ සභාපතිත්වයෙන් යුත් විධායක කමිටුවේ සමාජිකයෙකු ලෙසින් කටයුතු කළේය.

    පසුගිය මාස කිහිපය තුළදී නිලවරණය කල් දැමීම හේතුවෙන්, ක්‍රිඩා අමාත්‍යංශයෙන් පත්කරන ලද නිසි බලධරයා විසින් විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක ආයාතනය පවත්වාගෙන යනු ලැබිණ.

    ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති පුටුව ෂම්මී සිල්වාට (12.00)

    ශ්‍රි ලංකා ක්‍රිකට් නිළවරණයේදි 2019/21 වසර සඳහා එහි සභාපති ලෙස ඡන්ද 83 ලබා ගත් ෂම්මි සිල්වා සභාපති ලෙස තේරි පත්වේ. 

    ඔහුට ප්‍රතිවාදි පාර්ශවයෙන් තරග කළ ජයන්ත ධර්මදසා ඡන්ද 56 ලබා ගත්තේය. එ අනුව වැඩි ඡන්ද 27 ලබා ගැනීමට ෂම්මී සිල්වාට හැකිවි තිබේ.

    උප සභාපතිවරුන් ලෙස ඡන්ද 82 ක් ලබා ගත් කේ. මතිවානන් සහ ඡන්ද 80 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න තේරිපත්වේ. ඇමති අර්ජුන රණතුංග ඡන්ද සංඛ්‍යව 72 යි. 

    මොහාන් සිල්වා ඡන්ද 96ක් ලබා ගනිමින් ලේකම් ධුරයට පත්ව තිබේ. අනෙක් පාර්ශවයෙන් තරග කළ නිශාන්ත රණතුංග ලැබු ඡන්ද ගණන 45 කි.

    ලසන්ත වික්‍රමසිංහ ඡන්ද 100ක් ලබා භාණ්ඩාගාරික ධූරයටද ක්‍රිෂාන්ත කපුවත්ත උප‍ලේකම් ධූරයටද පත් වී තිබේ.

     ශ්‍රි ලංකා ක්‍රිකට් නිළවරණයට සියල්ල සූදානම් (9.45)

    ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය අද පැවැත්වේ. නිලවරණයට ඉදිරිපත් වු කණ්ඩායම් සහ නීතිමය තත්වයන් හේතුවෙන් නිළවරණය පැවත්විමට නියමිත කාලයට වඩා වසරක කාලයක් ගතවි තිබේ.

    මේ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව 2019/21 කාලයට තෝරා ගැනිමේ ඡන්දය ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශාලාවේදි පැවැත්වේ.

     නිළවරණයේදී සභාපති, උප සභාපති වරුන් 02ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන තනතුරු හතක් පත්කර ගැනිම සිදුවේ. මෙම නිළවරණයේදි ඡන්දය භාවිතා කිරිමේ බලය හිමිවන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරණ පලාත්, දිස්ත්‍රික්, පරිපාලන සහ අනුබද්ධ සංගම්වල නියෝජිතයින්ටයි. නිළවරණයේදි ඡන්දය හිමි සාමාජිකයින් ගණන 147කි.

    නිලවරණය මෙහේයවිම විශ්‍රාමලත් අභියාචානාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලකගේ සභාපතිත්වයෙන් සිදුවේ. එය නිරික්ෂණයට මැතිවරණ කොමිසමේ නිළධාරින් සහභාගි වන බව වාර්තා වේ.  නිළවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති කණ්ඩායම් 02 ඒ සඳහා පැමිණ තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 19:09

    Latest News