මුතුහෙට්ටිගමගේ ඇගිළි සළකුණු ගැනීමට නියෝගයක්

පෙබ 21, 2019

    පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබීමේ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුටගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණය අද නියෝග කෙරේ.

    මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා ඉදිරියේ නඩුව අද (21) කැඳවිණි. 209 වසරේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් සිරකර තබා ගැනීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ ඇතුළු පස් දෙනෙකුට අධිචෝදනා ගොනු කර ඇත. 


    කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු ඇඟිලි සළකුණ ලබාගැනීමට කැඳවා තිබිණි.

    අධි චෝදනා බාර දීමෙන් පසු පළමුවෙනි විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට උත්සහ කළ ද ඔහුගේ ඇඟිලිවල ස්වභාවය අනුව එම සළකුණු ලබා ගැනීමට නොහැකි බව පොලිස් නිලධාරීන් පවසා සිටි බව රජයේ නිතිඥවරිය නඩුව විභාගයට ගත් අවස්ථාවේ කියා සිටියාය. ඒ අනුව කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු ගෙන්වා ඇඟිලි සළකුණු ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නිතිඥවරිය ඉල්ලා සිටියාය.

    ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

    නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදිප්, නිරාජ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. වැඩිදුර විභාගය මාර්තු 21වන දිනට කල් තැබිණ.

    Latest News