මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවේ සාක්ෂි කරුවකු වශයෙන් නම් කර සිටින වත්මන් පොලිස්පතිවරයාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වත්මන් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළා.