ඔමික්‍රොන් නිසා ද.අප්‍රිකාවේ ආසාදිතයින් ඉහළට

දෙසැ 03, 2021

    නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

    ඊයේ පමණක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 11,000කට අධිකයි.

    දින 3කදී 4,000කට ආසන්න දෛනික ආසාදිතයන් පිරිසක් දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබේ. දෛනික ආසාදිතයන් ඉහළ යාමෙන් වෛරසයේ ප්‍රබලන්තය පෙන්නුම් කරන බවයි, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

    එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 29 ලක්ෂ 88,000කට අධිකයි. මියගිය සංඛ්‍යාව 89,000ක්.

    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 11:59

    Latest News