මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇතැයි ද ඒ අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මේ අනුව එන්නත් දෙකම ලබාගත් අයට විශේෂ යෙදුමක් (App) හා කේත අංකයක් (QR Code) ලබා දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එම ස්ථානයන්හි කළමණාකාරිත්වයට මෙහි වගකීම පැවරෙන බවද, උදාහරණයක් ලෙස සිනමාශාලාවක් තුළ සිටින අයෙකු එන්නත්කරණ කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් නම් එහි වගකීම එහි කළමණාකාරිත්වය විසින් භාරගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එන්නත් ලබා නොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙන නමුත් එමගින් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත. එනිසා පූර්ණ එන්නත්කරණය මෙන්ම බූස්ටර් එන්නතද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.