එහි යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන්යානා ඉංජිනේරු අංශය වෙත එම ප්රදානය සිදු කළ බවයි, ගුවන් හමුදාව පවසන්නේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන මහතා වෙත ජෙට් යානය නිල වශයෙන් ප්රදානය කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම, විශ්වවිද්‍යාලයේ ගුවන්යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද මෙහි දී අත්සන් තැබුණා. ප්‍රමිතියෙන් යුතු විද්‍යාගාරයක් ආරම්භ කිරීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවයි,ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ.