අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් මේ බව සඳහන් කළා. මෙවර රාජ්‍ය නත්තල් උත්සවයේ තේමාව, "මනුෂ්‍යත්වයේ, ප්‍රේමයේ සලකුණ නත්තලයි" යන්නයි. කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී උත්සවය පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සූම් යෙදවුම ඔස්සේ, ඊට එක් වූයේ අරලියගහ මන්දිරයේ සිටයි. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රත්නපුර පදවියෙ කෑගල්ල දිසාව වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන, බහු මාධ්‍ය ප්‍රක්‍ෂේපන යන්ත්‍රය සහ තිරය, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය අතින්, සබරගමු පළාත් කණිටු දෙව්සත්හලේ අදියරු, කෑගල්ල දිසා නායක රංජන්මාල් මොරායස් පූජා ප්‍රසාදීන් වහන්සේට ප්‍රදානය කලා.
රත්නපුර පදවියේ සිංහල, දෙමළ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල 20 ක් සහ දහම් ගුරුවරුන් සඳහා ධර්මෝපදේශ ග්‍රන්ථ 100 ක් රත්නපුර පදවියේ ධර්මෝපදේශ අධ්‍යක්ෂ ජූඩ් අමිල පූජා ප්‍රසාධීන් වහන්සේට පිරිනැමුණා. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන බයිබල් දැනුම මිනුම තරගාවලියේ සහ 2021 නත්තල් තැපැල් මුද්දරය චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින්ට, මෙහෙදී ත්‍යාග ප්‍රදානය කෙරුණා.
මහා සංඝරත්නය ඇතුළු රත්නපුර රදගුරු වසමේ රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන්, එම පදවියේ අනුනායක ඩේමියන් ප්‍රනාන්දු, දේවගැතිතුමන්ලා, පැවිදි සොහොයුරියන්, ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.