පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

දෙසැ 21, 2021

    ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලිසිය අධිකරණය ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළා

    Latest News