අසිරිමත් නත්තල අදයි

දෙසැ 25, 2021

    සාමයේ කුමරු ලෙස සුවහසක් කිතුණු බැතිමතුන්ගේ ගරු බුහුමනට පාත්‍ර වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල අදයි.

    පවතින කොවිඩ් වසංගතය හමුවේ වුවද එම අසිරිමත් සිදුවීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ආගමානුකූලව සැමරීමට ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා කිතුණු බැතිමතුන් එක්ව සිටියි.

    ආදරය,කරුණාව,දයාව ප්‍රදානය කරමින් මිනිසා පාපයෙන් හා වහල්භාවයෙන් මුදා ගැනීමට යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව පහළ වූ බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි. උන්වහන්සේ සාමයේ සහෝදරත්වයේ පණිවුඩය මිනිසාට දේශනා කළේය.

    දෙවියන් වහන්සේ තම පුත්‍රයා මෙලොවට ඒමෙන් අපේක්ෂා කළේ, දේව රාජ්‍යයේ සාරධර්ම යළි මිහිමත ජීවත් කර වීමයි. දේවත්වයත්, මිනිස්බවත් එකට යාවන ලක්ෂය උතුම් නත්තලයි. ලොවපුරා දෙව්මැදුරුවල ඊයේ මැදියම් රැයේ පැවැත්වූ දිව්‍ය යාගයකින් කිතු උපත සිහිපත් කළේය.

    උන්වහන්සේගේ උපත සිදුවූ ගව ලෙන සෑම දෙව් මැදුරකම සහ නිවසකම නිර්මාණය කිරීම නත්තලේ විශේෂත්වයක්.ක්‍රිස්තූන් වහන්සේ පෙන්වා දුන් සාමයත් ප්‍රේමයත් පදනම් කර ගෙන ලෝකවාසී කිතුණු බැතිමත්හු අසිරිමත් නත්තල සමරයි.

    කිතු උපත සමරන නත්තල් උදාවේ මෙරට ප්‍රධාන දේව මෙහෙය ඊයේ මධ්‍ය රාත්‍රී පැවැත්වුණේ, තේවත්ත ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා දේවස්ථානයේදී.  ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. 

    Last modified on සෙනසුරාදා, 25 දෙසැම්බර් 2021 10:02

    Latest News